ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩ වාසය කරන උඩ මළුවේ සුදු වැලි ඇතිරීමේ වාර්ෂික පුණ්‍යොත්සවය පසුගියදා ලංකා බැංකුවේ මූලිකත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
රටටත්, සියලුම පුරවැසියන්ටත්, ගනුදෙනුකාර භවතුන්ටත්, කාර්ය මණ්ඩලයටත් සාමය, සහජීවනය සහ සෞභාග්‍යය උදා කරදීම වෙනුවෙන් ආශිර්වාද පතා පැවැත්වුණු මෙම පිංකම, නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අනුරාධපුර අටමස්ථානාධිපති සාහිත්‍ය ශූරී අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි සිදු කෙරුණු අතර, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා ප්‍රධාන ලංකා බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය, ලංකා බැංකුවේ උතුරු මැද පළාතේ කාර්ය මණ්ඩලය ඇතුළු ලංකා බැංකුවේ බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවෝද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ලොව පුරා සුවහසක් බෞද්ධයින්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති ප්‍රධානතම බෞද්ධ සංකේතයක් වන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේට බුද්ධත්වයට පත් වීම සඳහා සෙවණ ලබා දුන්,
එමෙන් ම බුදුරජාණන් වහන්සේ වෙතින් අනිමිස ලෝචනයෙන් පුද ලද ඉන්දියාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. එම නිසා ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම හා සමාන බව බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි.