අනුරාධපුර-මිහින්තලේ දුම්රියේ මංගල ගමන අද

52

අනුරාධපුර – මිහින්තලේ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව මංගල ගමන අද (17දා) පොසොන් පින්කම සඳහා අනුරාධපුර – මිහින්තලේ දුම්රියෙන් ගමන්කරන බැතිමතුන්ගෙන් මුදල් අය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුර ප්‍රදේශය අතර වැඩකටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් සමයට දුම්රිය සේවා යෙදවීමට නොහැකි වී ඇති බැවින් ඒ වෙනුවට විශේෂ බස්රථ 400ක් පමණ අතිරේකව යෙදවීමට කටයුතු කෙරේ. කෙසේ වෙතත්, අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇති බවත්, මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment