නව අමාත්‍යංශය කාටද?

527


තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන නමින් නව අමාත්‍යංශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවා ඇත.ඊට අදාලව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවැති ආයතන රැසක් මෙම නව අමාත්‍යංශයට පවරා ඇත.ආගමන හා විගමන,විදුලි සංදේශ කටයුතු නියාමන,තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම,සයිබර් ආරක්ෂණ,පුද්ගලයින් ලියාපදිංචිකිරීම,ආයෝජන ප්‍රවර්ධන සහ ආර්ථික කලාප සංවර්ධන යන ආයතන මෙම නව අමාත්‍යංශය වෙත පවරා ඇත.මෙම නව අමාත්‍යංශය ජාතික ලැයිස්තුවෙන් පත්වීමට නියමිත බව වාර්තාවන ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට හමිවනු ඇතැයි විශ්වාස කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment