අනුරාධපුර හිටපු ASPට විදෙස් ගමන් තහනමක්

262

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට විදේශ ගමන් තහනම් කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද නියෝගයක් නිකුත් කළේය. අනුරාධපුර හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.


advertistmentadvertistment