අනුශූරතාවය මහනුවර ස්වර්ණමාලියට

8

සමස්ත ලංකා පාසල් බැඩ්මින්ටන් ශූරතාවලිය

සමස්ත ලංකා පාසල් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාවය හිමිකර ගැනීමට මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාල කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ ‘සී‘ කාණ්ඩයෙන් තරග කරන ලද ස්වර්ණමාලි බාලිකා විදුහලේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා දක්වමින් අනුශූරතාවය දිනා ගන්නා ලදී.

පාසලේ බැඩ්මින්ටන් පුහුණුකරු ලෙස රණසිංහ කටයුතු කරනු ලබන අතර ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය පසුගියදා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන


advertistmentadvertistment