අපනයන ඉපැයුම් වලට අලුත් කොන්දේසි

416

අපනයන ඉපැයුම් දින 180 ක් තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර තිබේ. ‘‘අපනයනය කරන ලද සියලුම භාණ්ඩ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන ලද සියලුම සේවාවලට අදාල අපනයන ඉපැයීම් අදාල පරිදි භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට හෝ සේවා සැපයූ දිනයේ සිට දින එකසිය අසූවක් (180) ඇතුළත අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතුය” ලෙස කරුණු 16 ක් යටතේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.


advertistmentadvertistment