ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනකු ඒකමතිකව තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ (30) පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම එකඟතාවය පළව තිබේ.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා එය ස්ථීර කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ද ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට ද ප්‍රතිඥා දී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේදී පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙයට සහභාගි වී නොමැති අතර තමන්ට අද පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබුණි.
චමින්ද සිල්වා