අවුලකට මැදිවූ බීබීසී නිවේදක හිවු එඩ්වර්ඩ්ස්

241

මහත් ආන්දෝලනයට තුඩුදුන් අසභ්‍ය ඡායාරූප සිදුවීමට මැදි වූ නිවේදකයා ලෙස මේ වන විට නම්කර ඇති බීබීසී ප්‍රවෘත්ති නිවේදක හිවු එඩ්වර්ඩ්ස් යනු, මහා බි්‍රතාන්‍යයේ ඉහළම පෙළේ නිවේදකයන්ගෙන් අයෙකි.

ඔහු, ජාතික වැදගත්කමකින් යුතු උත්සව අවස්ථා ආවරණය කිරීමේ දී ඉදිරිපස මුහුණ ලෙස බීබීසීය විසින් තෝරාගෙන ඇති අතර, එය ඔහු පිළිබඳ සංස්ථාව කෙතරම් හොඳ ආකල්පයකින් සිටියා ද යන්න පිළිබිඹු කරයි.

නරඹන්නන්ගේ විශ්වාසය දිනාගෙන තිබූ ඔහු දශක ගණනාවක් පුරා රූපවාහිනි තිරය තුළ විශ්වාසවන්ත සහ ප්‍රසන්න ස්වභාවයක් ඇති නිවේදකයකු ලෙස කීර්තියක් ගොඩනඟා ගෙන තිබුණි.

පසුගිය බදාදා (ජූලි 5), මෙම අපකීර්තිමත් සිදුවීම පිළිබඳව හෙළිදරව්වීමට පෙර ඔහු අවසන් වරට නිවේදන කටයුතු සිදු කළ දිනයේ දී, එඩ්වර්ඩ්ස් සිටියේ ස්කොට්ලන්තය චාල්ස් රජු පිළිගැනීමට සූදානම් වෙමින් සිටි අවස්ථාව එඩින්බරෝ සිට ආවරණය කරමිනි.

ඉන් සතියකටත් අඩු කාලයක දී 61 – හැවිරිදි ඔහුගේ මාධ්‍ය ජීවිතය දරුණු පීඩනයකට නතු වී ඇත්තේ, මේ දිනවල බරපතළ චෝදනා මාලාවකට මුහුණදෙන බීබීසී නිවේදකයා ඔහු බවට නම් කරමින් ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීම ත් සමග ය.

advertistmentadvertistment
advertistmentadvertistment