ක්ලියෝපැට්‍රා රැජිනගේ සමේ පැහැය ගැන විවාදයක්

563

ප්‍රකට වීඩියෝ පට විකාශන සේවාවක් වන ‘නෙට්ෆික්ස්’ සේවය විසින් නිපදවා විකාශනය කළ නාට්‍යයකින් ඊජිප්තුවේ ජනප්‍රිය රැජිනක් වූ හත්වැනි ක්ලියෝපැට්‍රා රැජින කළු අප්‍රිකානු කාන්තාවක් ලෙස නිරූපණය කර තිබීම සම්බන්ධයෙන් ඊජිප්තු වැසියන් අතර නොසන්සුන්තාවක් මතුව ඇත. අදාළ නාට්‍යයයේ ක්ලියෝපැට්‍රා රැජින කළු අප්‍රිකානු කාන්තාවක් ලෙස නිරූපණය කර තිබීමට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති ඊජිප්තු නීතිවේදියෙකු පවසා ඇත්තේ ක්ලියෝපැට්‍රා රැජින කළු අප්‍රිකානු රැජිනක් ලෙස හැඳින්වීමෙන් අදාළ නාට්‍යයේ නිර්මාණකරුවන් විසින් මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කර ඇති අතර ඊජිප්තු අනන්‍යතාව මකා දැමීමට උත්සාහ දරා ඇති බවයි.

ප්‍රමුඛ පෙළේ පුරා විද්‍යාඥයෙකු විසින් ක්ලියෝපැට්‍රා රැජිනගේ ශරීර පැහැය පිළිබඳව ඇති මත සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඇය පැහැපත් සමක් තිබූ තැනැත්තියක් මිස කළු පැහැති සමක් තිබූ අයෙකු නොවන බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment