‘අප කිසිවකුට අතීතය වෙනස් කළ නොහැකියි’ එහෙත් රටවල නායකයන්ට ඉතිහාසයෙන් ඉගෙන ගැනීමට කැප වී ක්‍රියා කළ හැකි යැයි ඊයේ (25දා) ශාන්තිකර කලාපීය රටක් වන සැමෝවා රාජ්‍යයේ ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව අමතමින් එංගලන්තයේ තුන්වැනි චාල්ස් රජු පවසා තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති චාල්ස් රජු ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමෙන් දැනට අත්විඳීමට සිදුව ඇති අසමානතා නිවැරදි කරගැනීමට නිර්මාණශීලී මාර්ගයන් සොයාගත හැකිවනු ඇතැයි සඳහන් කර තිබේ.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් ගණනාවක්ම එංගලන්තය යටත් විජිත සමයේ වහල් භාවය ක්‍රියාත්මක කළ රටවලට වන්දි ගෙවිය යුතු දැයි සම්බන්ධයෙන් අර්ථාන්විත සාකච්ඡාවක් කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.