අම්පාර පොහොට්ටු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ සජබ සමග එක්වෙයි

44

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්‍ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අම්පාර දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසලට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා සජබ සමග එක්වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැදවච්චිය ආසන සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වන තිස්ස කරලියද්ද මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබේ. කරලියද්ද මහතා සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායක ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායිකා ආරියවතී ගලප්පත්ති මහත්මිය, හිටපු ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ පුත් නලින් ගුණවර්ධන මහතා, කන්තලේ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීනි සීතා රංජනී මහත්මිය ඇතුළු කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment