ඔබේ රසවින්දනය ඔප්නංවන Moto g32 ස්මාට්ෆෝන් අබාන්ස් විසින් හඳුන්වාදෙයි

251

ලොව සුපතල Motorola සන්නාමය නවීන සන්නිවේදන ලෝකයේ පෙරළිකාර නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දී සිටියි. ජංගම සන්නිවේදන උපකරණ නිෂ්පාදනය කිරීම සම්බන්ධව වසර 90 කට අධික පළපුරුද්දක් ඇති Motorola සමාගම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම ව්‍යාපාරික සන්නාමයක් වන Abans සමග අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරන අතර Motorola නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් Abans සමාගම කටයුතු කරයි. මෙම ශක්තිමත් සහයෝගීතාවය නිසා පාරිභෝගිකයින් විසින් මිල දී ගන්නා නිෂ්පාදන වලට අබාන්ස් විශ්වසනීය වගකීම වඩාත් හොඳින් තහවුරු වී තිබේ. මෙම සහයෝගීතාව ඔස්සේ Motorola නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත නවතම විශේෂාංග වලින් සමන්විත නවීනතම නිෂ්පාදන අබාන්ස් විශ්වසනීය වගකීම සමගින් ලබාගත හැකි වනු ඇත. මෙම නවතම නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන නිෂ්පාදන අතර පෙරළියක් සනිටුහන් කිරීමට සමත්වනු ඇති බවට මේ වන විටත් විශ්වාසය පල වී ඇත.

Moto g32 ඔබේ රසාස්වාදය ඔපවත් කිරීමට සමත් නිෂ්පාදනයක් වන අතර එහි ඇති සුපිරි සුමට ක්‍රියාකාරිත්වයකින් යුත් 90Hz FHD+ 6.5” ඩිස්ප්ලේ එක තියුණු සුපැහැදිලි රූපරාමු තිරය මත පතිත කරවීමට සමත්වෙයි. එමෙන්ම Dolby Atmos® සහිත ස්ටීරියෝ ස්පීකර් පද්ධතියක් මෙහි දැක ගත හැකි අතර වැඩි දියුණු කළ බේස් සමගින්, සුපැහැදිලි පරිපූර්ණ නාදරටා අත්විඳිය හැක.

Moto g32 හි උසස් ක්‍රියාකාරිත්වය සඳහා Snapdragon® 680 Octa-core ප්‍රොසෙසරයක් දැක ගත හැක. පහසු මිල ගණන් වලට ලබා ගත හැකි මෙය Android 12 ක්‍රියාකාරිත්වයකින් සමන්විත වන අතර ThinkShield නම් Mobile Protection විශේෂාංගය මගින් දත්ත වල ආරක්‍ෂාව සහ පෞද්ගලිකත්වය මනාව තහවුරු කර දෙයි. එමෙන්ම මෙය Android 13 දක්වා Update කළ හැකි අතර Security Updates සඳහා වසර 3 ක වගකීමක් සහිතයි. මෙහි 5000mAh බැටරියක් සමග 33W TurboPower™ චාජරයක් දැක ගත හැකි අතර එමගින් ඉතා කෙටි කාලයක් ඇතුළත වේගයෙන් චාජ් කර ගැනීමේ හැකියාව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment