අමෙරිකානු තානාපතිනි මැතිවරණ කොමිසමේ

440

අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අතර අද (29දා) පෙරවරුවේදී විශේෂ හමුවක් සිදුව තිබේ.

රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ඇති අතර මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද ඇය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා ඇත.

ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්ග එම්ග ඒග එල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්වේ

advertistmentadvertistment
advertistmentadvertistment