ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අයිඑම්එෆ් ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමට ශ්‍රී ලංකාව විසින් අදාළ එකඟතා සම්පූර්ණ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි.
ඒ අනුව අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් ඇති බව අවධාරණය කරන ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරීත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. පසුගිය අප්‍රේල් 25 වැනිදා අයිඑම්එෆ් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීමට සමත් විය.
ශ්‍රී ලංකාව විසින් අදාළ එකඟතා සම්පූර්ණ කළ පසු ඒ සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් කියා ඇත. ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන අයිඑම්එෆ් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත