අයි.එම්.එෆ්. ඩො.මි. 336ක් ලැබෙයි – ඒත් ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානමේ

287

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ තුන්වන ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාස 48ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ දෙවන සමාලෝචනය කරමින් මෙම තුන්වන ණය වාරිකය ලබාදී ඇත.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇති සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාවට අදාළ ණය වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා මෙම ණය වාරික මුදල ලබා දී තිබේ.

ගිය වසරේ (2023) අග වන විට මෙම ණය වැඩසටහන යටතේ වන ප්‍රගතිය ශක්තිමත් මට්ටමක පවතින බවද සමාජ වියදම් පිළිබඳ ආන්තික ඉලක්කයන් හැර අනෙකුත් සියලුම ප්‍රමාණාත්මක ඉල්කකයන් මෙම වැඩසටහන යටතේ සපුරා ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (13දා) නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.

මේ ධනාත්මක වර්ධනයන් මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයේ පවතින බවත් ණය තිරසර බව ඇති කර ගැනීමේ ක්‍රියාවලිය ද අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති බවත් මූල්‍ය අරමුදල නිකුත් කළ ප්‍රකාශයේ තවදුරටත් දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment