අල්කයිඩා නායකයා අල්ලා දෙන අයකුට ඇමරිකාවෙන් තෑග්ගක්

371

අල්කයිඩා නව නායක සේලිස් අඩෙල් අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන 10 ක තෑග්ගක් පිරි නමන බව ඇමරිකානු රජය ඊයේ (17 දා) නිවේදනය කර ඇත.

ඊජීප්තු විශේෂ බළකායේ හිටපු නිලධාරියකුවූ අඩෙල් මැද පෙරදිග රටක සිටින බව ඇමරිකානු බුද්ධි සේවාව සොයාගෙන තිබේ.

ටැන්සානියාවේ සහ කෙන්යාවේ ඇමරිකානු තානාපති කාර්යාල දෙකට ප්‍රහාර එල්ල කර 224 ක පිරිසක් මුරුමුවට පත්කළේ අඩෙල් බව හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment