කාලයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යයනවලින් අලි ඇතුන්ගෙන් වගාවන් බේරාගැනීමට ඇති හොඳම ක්‍රමය මීමැස්සන් බව සොයාගෙන ඇත.
මේ වන විට මෙම ක්‍රමය මොසැම්බික් සිට තායිලන්තය දක්වා ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
බි්රතාන්ය පර්යේෂණ කණ්ඩායමක් 2007 වන විට සිය අත්දැකීම් හරහා වැදගත් නිගමනයකට පැමිණ තිබිණි. අප්‍රිකානු මී මැස්සන් සිටින ගස් අසලට අලි ඇතුන් නොයන අතර ඔවුන් එකිනෙකාට එම ප්‍රදේශයෙන් වැළකී සිටින ලෙස අනතුරු ඇඟවීම් යවන බව පර්යේෂක ලුසී කිං පවසයි. ‘මී මැස්සන් දෂ්ට කරන බව අලි ඇතුන් හොඳින් දන්නා බව අපට පෙනී ගියා. ඔවුන් එය කිසිදා අමතක කරන්නේ නැහැ.
“මීමැසි අලි වැටවල් හඳුන්වාදීමට පෙර මෙහි බොහෝ ගොවිබිම් අලි ඇතුන්ගේ ප්‍රහාරයට ලක් විය. නමුත් දැන් මිනිසුන්ට බියෙන් තොරව පහසුවෙන් ජීවත් විය හැකිය” යනුවෙන් මුවම්බා නම් කෙන්යානු ගොවියා කියයි.
චතුර පමුණුව