අලුයම දේව මෙහෙයට ගිය කතගේ රන් මාලය කඩාගත් පොලිස් සැරයන් මාට්ටු

449

ආරක්‍ෂාවට යොදා සිටි පොලිසියේ 8දෙනා වෙලාවට ගිහින් නෑ

වාද්දුව ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේ පසුගිය ඉරිදා (02දා) අලුයම දේව මෙහෙයට පැමිණි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගත් අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගත් පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය විමර්ශන සිදුකරයි. එහි දී හෙළිවූ තොරතුරු අනුව එදින අලුයම පහට එම දෙව්මැඳුරේ ආරක්‍ෂක රාජකාරිය සඳහා යෑමට නියමිතව සිටි පොලිස් නිලධාරීන් 8දෙනා එම වේලාවට සේවයට වාර්තා කර නොමැති බව හෙළි වී තිබේ.

ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දුන් සැකකාර සැරයන්වරයා අලුයම් කාලයේ සිවිල් ඇඳුමෙන් සැරසී දෙව්මැඳුරට යමින් සිටි කතගේ රන් මාලය කඩා ගනිද්දී ඇය සැකකරුට පැන යෑමට නොහැකි ලෙස ඔහුගේ කකුලක් තදින් අල්ලාගෙන කෑගසා තිබේ.

මෙම වේලාවට දෙව්මැඳුරේ ආරක්‍ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් අටදෙනා ද රාජකාරියට වාර්තා කර තිබෙන්නේ එදින අලුයම හයට පමණ බව පොලිසිය කියයි. සැකකාර සැරයන්වරයාගේ සේවය තහනම් කර ඇති අතර ඔහු පොලිසියට පරස්පර විරෝධී ප්‍රකාශ කළ ද ඇප මත මුදාහැර ඇති බව පැවසේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment