අවලෝකිතේෂ්වරට ඇන්ද මහින්ද කොඩිතුවක්කු සී.අයි.ඩී. අත්අඩංගුවට

214

බැංකු ගිණුම් වාර්තා උසාවියට ඉල්ලයි

බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වමින් බුද්ධ ධර්මයට අපහාස වන ආකාරයෙන් කටයුකු කරන බවට චෝදනා එල්ල වූ අවලෝකිතේෂ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඊයේ (15 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ එම පුද්ගලයාට විදේශගතවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා 12 වැනිදා තහනම් නියෝගයක් ද නිකුත්කර තිබිණි.

මේ අතර ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා තිබූ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි ලැබී තිබිණි.

ඔහුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් සම්බන්ධයෙන් වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සවිස්තර වාර්තා ලබා දෙන ලෙසට ද කොටුව මහෙස්ත්‍රාත්වරයා රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයකට නියෝග කර තිබිණි.

ඒ අනුව අපරපාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

ශිරාන් රණසිංහ – චමින්ද සිල්වා


advertistmentadvertistment