2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබේ . එහිදී කාන්තා සහ පිරිමි වශයෙන් කණ්ඩායම් හයක් බැගින් එම ඉසව්ව සඳහා ඇතුලත් කිරීමට එම කමිටුව තීරණය කර තිබේ .
කෙසේ හෝ ,ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට ක්‍රිකට් ක්‍රීඩා ඉසව්වක් ඇතුළත් වන්නේ වසර 128කට පසුවය , අවසන් වරට 1900 දී පැරිසියේ ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩා ඉසව්වක් ඇතුලත්ව තිබේ .
පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම කණ්ඩායම් හයක් තරඟ වදින මෙම ඉසව්ව T20 ආකෘතියෙන් පැවැත්වෙන බව ඔලිම්පික් සංවිධායකයින් පසුගිය බදාදා තහවුරු කර තිබිණි .
|