අවු. 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් වැඩිම ලකුණු අනුරාධපුරයේ අශාන් ගෙන්

102

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු වාර්තා කිරීමට අනුරාධපුර කණ්ඩායමේ අශාන් ඉසුරංග සමත්විය. මන්නාරමට එරෙහිව පැවැති එම තරගයේදී පන්දු 151 කට මුහුණ දුන් අශාන් හයේ පහර 5 ක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 144 ක් රැස් කරමින් මෙවර තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගත්තේය. මෙම ඉනිම ප්‍රධාන කොට අනුරාධපුර කණ්ඩායම ලකුණු 293 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස මන්නාරම් පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 72 ක් වූ අතර ඒ අනුව ලකුණු 221 ක විශිෂ්ට ජයක් අනුරාධපුර කණ්ඩායමට හිමිවිය. මන්නාරම කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ජේ. ජනුස්ටන් පන්දුවාර 10 කදී ලකුණු 46 කට කඩුලු 5 ක් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මීට අමතරව මහනුවර කළාප 1 කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 392 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් අතර එම ලකුණු සංඛ්‍යාව ප්‍රධාන කොට නුවරඑළිය කණ්ඩායමට එරෙහිව ලකුණු 282 ක ද ජයක් වාර්තා කිරීමට ඔවුන්ට අවස්ථාව උදාවිය.

මේ අතර කොළඹ දකුණ 3 කලාප පිලට එරෙහි තරගයේදී තියුණු තරගයකින් පසු කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට කළුතර කලාප 2 කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ සහන් මිහිර පන්දුවාර 10 කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 59 කට කඩුලු 5 ක් බිඳ හෙළීය. මෙම දක්ෂතාව නිසා කොළඹ දකුණ 3 පිලට කඩුලු 9 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 259 ක් පමණක් වන අතර එය හඹා යෑමේදී කළුතර කලාප 2 කණ්ඩායම පන්දුවාර 49.1 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගියේය.

මහනුවර කලාප 1 පිලට ලකුණු 282 ක ජයක්

මහනුවර කලාප 1 පිල පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 392 යි – (කුසල් විජේතුංග 34, රහල් අමරසිංහ 66, දිනූෂ පීරිස් 98, විබවිත් ඇහැළේපොල 90, ලක්වින් අබේසිංහ 30, ඉසුරු පන්නල 32, කවීෂ් ප්‍රින්ස්ටන් 67/3, රනේෂ් හේරත් 48/2)

නුවරඑළිය පිල පන්දුවාර 25.3 කදී සියලු දෙනා දැවී ලකුණු 110 යි – (ෂෝන් ප්‍රනාන්දු 24, තරුෂ දුලාන් 24, අවිශ්ක ඉමේස් 15, කවීෂ් ප්‍රින්ස්ටන් 14, දිනූක තෙන්නකෝන් 58/4, තරණ විමලධර්ම 11/5)

කළුතර කලාප 2 ට කඩුලු 2 ක ජයක්

කොළඹ දකුණ 3 කලාපය පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 259 යි – (තරිඳු අමරසිංහ 10, ඉසුරු නිදර්ශන 23, සනේස් ප්‍රනාන්දු 61, රිවිත් ජයසූරිය 11, විමත් දින්සර 61, සුමල්ක ප්‍රනාන්දු 14, සෙතික දිල්මිත් 30, සංදේෂ් ප්‍රපාන්දු 13, සහන් මිහිර 10-1-59-5, අක්මාල් ෆාස්ලි 87/2)

කළුතර කලාප 2 පන්දුවාර 49.1 කදී කඩුලු 8 ට ලකුණු 263 යි – (රුසිරු ප්‍රනාන්දු 37, හිමේෂ් ප්‍රනාන්දු 55, දිනෙත් ප්‍රියංග 46, සචිර ඩේමියන් 16, කවිදු ගයාත්‍ර 34, ඉමල්ක ප්‍රනාන්දු 41, සංදේශ් ප්‍රනාන්දු 51/2, තිනෙත් සාලිංග 35/3)

අනුරාධපුරට ලකුණු 221 ක ජයක්

අනුරාධපුර කණ්ඩායම පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 293 යි – (අශාන් ඉසුරංග 144, එස්.ටී. වීරසිංහ 10, කනිෂ්ක ලක්ෂාන් 13, තිලිණ චන්දප 49, යසොත් සන්කලන 13, අතිරේක 40, ජේ ජනුස්ටන් 10-0-46-5-)

මන්නාරම පන්දුවාර 27.1 කදී සියලු දෙනා දැවී ලකුණු 72 යි – (ඒ සජෝන් 15, තනූෂන් කෲස් 12, කාවින්ද දයාරත්න 12/2, තිලින චන්දීප 24/2, කවිඳු ගිහාන් 09/3, සිතිජ ගීත් 05/2)


advertistmentadvertistment