සැකකරු සොයා පරීක්ෂණ
දෙවන වසරේ ඉගෙනුම ලබන අවුරුදු හතක් වයසැති පිරිමි ළමයකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම දරුවා පදිංචිව සිටින නිවස අසල ඉදිකෙරෙන නිවසක පෙදරේරු සහායකවරයකු වශයෙන් පැමිණි තරුණයකු ළමයාට අවස්ථා කිහිපයකදී ලිංගික අතවර සිදුකර ඇති බවට ළමයාගේ පියා විසින් පොලිසියට පැමිණිලිකර තිබේ. දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පස්සර මූලික රෝහලට ඇතුළත්කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබේ. හිඟුරුකඩුව පොලිස් ස්ථානාධිපති සෙනරත් බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක