කර්නල් බී. බී. නලින් හේරත්
ආගමික ස්ථානවලට ලබාදී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව ඉවත් කර නැතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් බී. බී. නලින් හේරත් මහතා පවසයි.
බෞද්ධ පූජනීය ස්ථානවල සිදු කරන ඇතැම් ඉදිකිරීම් සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එම ඉදිකිරීම් අවසන්වූ පසු ඉවත් කරනු මිස දැනට පූජනීය ස්ථානවල ඉල්ලීම මත ආරක්ෂක අමාත්‍යාංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුමැතිය මත ලබාදී ඇති ආරක්ෂක නිලධාරීන් ඉවත් කර නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ දී ඊයේ (03දා) සවස පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.