ආනන්දපුරම් සිට නන්දිකඩාල් දක්වා යුද ජය නැවත සිහිකරමු

174

මීට වසර දහසයකට පෙර එනම් 2009 අප්‍රේල් මුල් සතියේදී ඇතිවූ ගැටුමකින් කොටි සංවිධානය ලැබූ පරාජය ඔවුන් 33 වසරක ඉතිහාසයේ කිසි දිනක අත්විඳ නැත. සැබැවින්ම කොටි නැවත නොනැඟිටින ලෙස පරාජය වුණේ ප්‍රකට ‘ආනන්දපුරම්’ සටනේදීය. එය නූතන විජිතපුර සටන ලෙස දැක්විය හැකිය. ප්‍රභාකරන්ගේ මරණයට සති හයකට කලින් මේ දරුනු සටන ඇවිලී ගොස් කොටි සාමාජිකයන් 625 ක් මරණයට පත්වූ අතර ඔවුනගේ සිරුරු ද හමුදාව අතට පත්විය. ආනන්දපුරම් පිහිටා ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මේ සටනේදී එල්.ටී.ටී.ඊ.ය ලැබූ ප්‍රමුඛතම පරාජය වූයේ කර්නල් තීපන්ගේ මරණයයි. වසර 25 ක් තිස්සේ එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් සටන් වැදුණු දක්ෂ යුද නායකයකු වූ හෙතෙම කන්දයියා බාලසේගරන් නොහොත් බාල්රාජ්ට පසුව එල්.ටී.ටී.ඊ.ය බිහි කළ හොඳම යුද නායකයායි. හමුදාවට එරෙහිව පස් බැමි තැනීමේ මූලිකයා වූයේ ඔහුය. රණමග ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථයේදී දින තුනක් තිස්සේ පැවැති පුදුකුඩිඉරිප්පු අවසාන සටන පිළිබඳ සටහනක් තබන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරන්නේ කරුණාගෙන් පසුව එල්.ටී.ටී.ඊ.යේ බිහිවූ දක්ෂතම සටන්කරුවා වන්නේ තීපන් බවයි. තීපන් ඝාතනය වන්නේ ගුවන් සංක්‍රමණික බළකායට අයත් 6 වැනි ගජබා බලඇණියේ සෙබළුන් විසින් එල්ල කළ ප්‍රහාරයකිනි. කොටි සන්නිවේදන ජාලය විසින් තීපන්ට ලබාදී තිබූ සංකේත නාමය වූයේ ‘ටොන්ගො පාපා’ යන්නය. තීපන් හිටපු කොටි සාමාජිකාවක් හා විවාහ වී සිටි අතර ඔවුනට දරුවන් නොවීය. තීපන් සමග මාලනී බළකායේ ප්‍රධානී විදූෂා, ඇගේ දෙවැනියා වූ කමලිනී ද සෝතියා රෙජිමේන්තුවේ ප්‍රධානී දුර්ගා හා දෙවැනියා වූ මෝහනාද මරණයට පත්විය. ආනන්දපුරම් සටනේදී නැගෙනහිර සටන්කරුවන්ගෙන් සැදුම්ලත් දක්ෂ සේනාංකයක් වූ ජෙයන්තන් බළකායේ ප්‍රධානී කීර්ති හා නාගේෂ් ද මිය පරලොව ගොස් තිබිණි.

ආනන්දපුරම් සිට නන්දිකඩාල් දක්වා යුද ජය නැවත සිහිකරමු

ප්‍රභාකරන්ගේ සිහින ඊළම දෙදරා ගියේ ආනන්දපුරම් පරාජයෙන් අනතුරුවය. මේ සටනේදී 1996 දී පුළුකුණාවෙන් පැහැරගත් මිලි මීටර් 85 ප්‍රහාරක අවියක්ද සොයා ගැනීමට හැකිවිය. ඇත්තෙන්ම ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, සුසෙයි ඇතුළු පිරිසක් මෙහි කොටුවී සිටියා නම් ඊළාම් යුද්ධය අවසන් වන්නේ 2009 අප්‍රේල් මුල සතියේදීය. එවිට සිදුවන ජීවිත හානිය තවදුරටත් අඩුකර ගැනීමට හැකි වන්නේය. නමුත් ප්‍රභාකරන්ගේ පණ තවත් සති හයකට දික්වී තිබිණි. එවක මේ සටන මෙහෙය වූයේ 58 වැනි සේනාංකයේ අධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා 53 වැනි සේනාංකයේ අධිපති හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන විශිෂ්ට හමුදා නායකයන් විසිනි. ප්‍රභාකරන් හා පොට්ටු අම්මාන් ද ආනන්දපුරම්හි රැඳී සිට ඇති නමුත් මේ සටන ඇවිළීමට පෙර මාර්තු 26 වැනිදා මොවුන් මේ ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබිණි.

ආනන්දපුරම් සිට නන්දිකඩාල් දක්වා යුද ජය නැවත සිහිකරමු

පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ ත්‍රස්ත යුද්ධය වසර 33ක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාවන්තම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු – නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහණයෙන් 48%ක් වැනි ප්‍රමාණයකි. කොටි නායකයා සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ක්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම අනුගාමිකයන්ට යුද්ධ කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිදිය.

යුද හමුදාව මැයි 19 වැනිදා උදාවන විටත් සොයමින් සිටියේ ප්‍රභාකරන්ගේ මළසිරුර ය. ඒ අතරේ අලුයම නන්දිකඩාල් කඩොලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජයබා පාබල රෙජිමේන්තු සෙබළකු විශේෂ යමක් දුටුවේය. ඒ යම් පිරිසක් කඩොලාන කැලේ සැඟව සිටින බවයි. අලුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩි හඬක් ගැන ඒ වන විටත් හමුදා නිලධාරියෝ විමසිලිමත් වීම අරඹා සිටියහ. විජයබා පාබල රෙජිමේන්තු ලුතිනල් ජී.එච්.ඩී. නාලකගේ නායකත්වයෙන් සැරයන්වරුන් වන ටී. එම්. මුතුබණ්ඩා සහ එච්. පී. විජේසිංහ ඇතුළු සෙබළ කණ්ඩායම් දෙක සැඟව සිටින පිරිසට ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත් අතර එය පැය කිහිපයක් පැවතිණි. සතුරු පාර්ශ්වයෙන් ප්‍රහාර එල්ලවීම ක්‍රමයෙන් නතර විය.

ඒ වන විට උදෑසන 9.45 පමණ වී තිබිණි. ඇත්තෙන්ම හමුදා ප්‍රහාරය හමුවේ ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයන්ගේ උණ්ඩ අවසන් වී තිබිණි. එවැනි සටනකට අවි ආයුධ හෝ පතුරොම් සැපයීම සඳහා එල්.ටී.ටී.ඊ. සැපයුම් අංශයක් ද ඒ වන විට ඉතිරිව නොතිබිණ. ඉදිරියට ඇදුනු විජයබා සෙබළු සටන් පැවති ප්‍රදේශයේ එකිනෙක මළසිරුරු ඔසවා බැලූහ. කලපුවේ දිය මතට මුණින් අතට එබී තිබූ හැඩි දැඩි මළ සිරුරක් ඒ අතර විය. ඔහුගේ හිසට සහ නළලට වෙඩි වැදී තිබුණි. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබළෙක් මළසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරය. ඒ පෙරවරු 10.03ට පමණය. රැවුල සහිත මළ සිරුර ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලූ බැල්මටම හඳුනාගත්හ. ඒ වන විටත් මරණාසන්න තුවාල සිදුවී හිසෙන් ලේ ගලමින් තිබුණි. සියලු හඳුනා ගැනීම්වලින් පසු දහනම වැනිදා මැදියම් රැය උදා වන විට හමුදා සෙබළු ප්‍රභාකරන්ගේ අළු මුලතිව් මුහුදේ දිය කොට හැරියහ. මේ 19 වැනිදා සිදු වූ කතාව කෙටියෙනි.

ඇත්තෙන්ම වෙඩි වදින අවස්ථාවේ ප්‍රභාකරන් සිටියේ සිය සුපුරුදු කොටි ඇඳුමින් සැරසී නම් නොවේ. මැයි 17 වැනිදා වනවිට නන්දිකඩාල් කලපුව තුළ කණ්ඩායම් තුනක් ලෙසට එල්. ටී. ටී. ඊ. නායකයෝ ස්ථානගත වී සිටියහ. බාබු හා සුසෙයි එක් කණ්ඩායමක් ලෙසත්, පොට්ටු අම්මාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් ප්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් කලපුව අවට ස්ථානගත වී සිටියහ. 19 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබූ ප්‍රභාකරන්ගේ සිරුර පමණක් නොව බිරිඳ මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකි විය. චාල්ස් ඇන්තනීගේ දේහයත් මැයි 17 වන විටම සොයාගෙන තිබිණි. හිට්ලර්ගේ මරණය සේම ප්‍රභාකරන්ගේ මරණය ද විශ්වාස නොකරන පිරිසක් කොටි හිතවාදීන් අතර විය. ඒ 2009 මැයි මාසයේදී ය. නමුත් දැන් නම් එවන් කණ්ඩායම් ගැන අසන්නට නොලැබේ.

ප්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ ආදරයට ඔහු හැඳින්වූයේ තම්බි (මල්ලි) යන සුරතල් නමිනි. ළමාවියේ ප්‍රභාකරන්ගේ ප්‍රියතම ක්‍රීඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදීමය. එහෙත් ඔහු ක්‍රීඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට යොමු වූයේය. කුඩා අවධියේ පටන් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපෝල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුළමින් තිබූ අතර කථාබහ කරන විට නිරතුරුව අවට බලමින් විමසිලිමත් ලෙස කතා කළේය.

කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනය. යාපන දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේශ්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැඟිටින ලෙස විනාශයට පත්විය.

මීට වසර 20 කට පෙර එනම් 2005 වසරේ නොවැම්බරයේදී කොටි නායක ප්‍රභාකරන් සිය 51 වැනි උපන් දිනය සමරුවේ නිරහාරවය. එය ආගමික විශ්වාසයක් මත සිදු කළා ද එසේ නොවේ නම් සිය මියගිය සටන් සගයන් සිහි කිරීම වෙනුවෙන් සිදු කළ උපහාරයක් දැයි අපි නොදනිමු. ඒ ගැන නිවැරදිව කියන්න දන්නා කිසිවෙක් වර්තමානයේ ජීවතුන් අතර ද නැත. කෙසේ නමුත් ඒ කාලයේදී ප්‍රභාකරන් වන්නි කැලයේ සැඟවී සිටිමින් සිදුකරන මහා විරු ප්‍රකාශය ගැන නම් උතුර පමණක් නොව දකුණේ ජනතාව ද අවධානය යොමු කළේ එය රටේ පමණක් නොව තමන්ගේ මනුෂ්‍ය ජීවිතයට කෙළින්ම බලපාන බැවිනි. මේ ත්‍රස්ත නායකයා රටේ කොතැනක කවර වෙලාවක කවර විනාශයක් සිදු කරයිද නැද්ද යන්න පිළිබඳ විශ්වාසයක් නැති නිසා මහවිරු ප්‍රකාශයෙන් කියන්නේ කුමක්දැයි යන්න දැනගැනීම වැදගත් විය.

2005 මහවිරු ප්‍රකාශය සිදු කරමින් ප්‍රභාකරන් සිංහලයන්ගේ මහාවංශ මානසිකත්වය නිග්‍රහයට ලක් කළේය. සිංහලයන්, ශ්‍රී ලංකාව තමන්ට පමණක් වෙන්කර ගැනීම මේ දෙමළ නාසිවාදී ත්‍රස්ත නායකයාගේ දැඩි විවේචනයට ලක් විය. 2006 මහවිරු ප්‍රකාශය සිදුකරමින් ප්‍රභාකරන් පැවසුවේ කුමක්ද? තමන්ට ඊළම පිහිටුවීම හැර අන් විකල්පයක් නොමැති බවයි. එදා ඊළම පිහිටුවනවා යැයි ප්‍රභාකරන් වහසි බස් දෙඩුවේ දකුණේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නටය. ප්‍රභාකරන්ගේ ඊළාම් ප්‍රකාශ උපුටා දක්වමින් දකුණේ ඊනියා කොටි ඒජන්තයෝ ද සිංහල ජනයා බිත්තියට හේත්තු කරන්නට උත්සාහ ගත්හ. යුද්ධයෙන් කොටි පැරදිය නොහැකි බවට මරහඬ තලන්නට වූහ. 2008 නොවැම්බර් මාසයේදී ප්‍රභාකරන් සිය අවසන් මහවිරු ප්‍රකාශය සිදුකරමින් සඳහන් කර සිටියේ කුමක්ද? කිළිනොච්චියට ඇතුළුවීම රාජපක්ෂ ආණ්ඩුවේ දවල් හීනයක්ම පමණක් වන බවයි. නමුත් එම ප්‍රකාශයෙන් දින 140 කට පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජයග්‍රාහී විලාසයෙන් කිළිනොච්චියේ සංචාරය කරනු දක්නට ලැබිණි. ඒ අසල හිටපු ආරක්‍ෂක ලේකම්

ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාද විය. එවිට ප්‍රභාකරන් පුදුමාතලන්වල සැඟවී සිටියේය. දෙමළ ජනතාව ලක්ෂ ගණනින් හමුදාව දෙසට පැමිණෙමින් සිටියේ මීට වසර 15කට පෙර අප්‍රේල් මාසයේ දෙවැනි සතියේදීය.

සමහරුන්ට මීට වසර 16 කට පෙර ඉතා බිහිසුණු යුද්ධයක් මේ රට වෙලාගෙන සිටි බව හොඳින්ම අමතකය. එහෙත් මේ ඉතිහාසය කිසිවිටක අමතක කළ යුතු නැත. තව වසර 500ක් ගියද රණවිරු ජය සැමරිය යුතුය. මීට වසර දෙකකට පෙර අරගල භූමියේ මියගිය කොටි සැමරීමට ද සමහරු පැමිණ තිබිණි. අරගලය සැබවින්ම සිංහල බෞද්ධ විරෝධීන්ගේ කුමන්ත්‍රණයකි. ඒ ගැන දැන් කතා කිරීමෙන් පලක් නැත. කවරක් නමුත් 2009 මැයි 18 ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළ බව ප්‍රකාශ කළේය. දස දහස් ගණනකගේ ජීවිත අහිමි වුවද තවත් ලක්ෂ ගණන් පිරිසක් ආබාධිතයන්, තුවාලකරුවන් බවට පත් වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ඒ සමග නිමා විය. 2009 මැයි 18 වැනිදා ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත් වූයේ හුදු ත්‍රස්තවාදී සංවිධානයක් පමණක් නොවී ය. එල්.ටී.ටී.ඊ ය යනු දෙමළ බෙදුම්වාදී ජාතිවාදයේ අවසාන වශයෙන් පැවති සන්නද්ධ අංශයයි. ඊළාම් රාජ්‍යය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා භූමියෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටි එල්.ටී.ටී.ඊ. යේ පරාජය යනු දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ඉතිහාසයේ ලැබූ සුවිශාලම පරාජය විය.

හිටපු කොටි නායිකා තමිලිනී ජෙයක්කුමාරන් පිළිබඳ මතකය මීට වසර කිහිපයකට පෙර අලුත් වූයේ ‘තියුණු අසිපතක සෙවණ යට” නමින් ඇගේ ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තිත කෘතිය ජනගතවීමත් සමගය. තමිලිනී තම ජීවිතයේ අග භාගයේදී රෝගීව මරණාසන්නව සිටියදී වුව, තමා උතුරේ අරගලයට කෙසේ එක්විණි ද, එහිදී ඇගේ ක්‍රියාකාරීත්වය කෙබඳු වී ද මේ ග්‍රන්ථයේ මනා කොට විස්තර කර ඇත. මෙම ස්වයං චරිතාපදානය සිංහල බසින් පරිවර්තනය වී 2016 මැයි මාසයේදී ජනගත වූයේ ද්‍රවිඩ ලේඛක සාමිනාදන් විමල්ගේ අපූරු පරිවර්තනය තුළිනි. තියුණු අසිපතක සෙවණ යට කෘතිය ඊනියා කොටි හිතවාදීන්ගේ කෝපයට හේතුවිය. නමුත් මෙය සිංහල පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. කොටි සංවිධානය දෙමළ සමාජයේ විමුක්ති සඟයා නොවූ බවට ද කරුණු රැසක් “තියුණු අසිපතක සෙවණ යට” කෘතියේ ලියැවී ඇත. තමිලිනී පෙන්වා දී ඇති පරිදි සැබෑ කැමැත්තෙන් සංවිධානයට එක් වී ඇත්තේ ඉතාමත් සුළු කොටසක් පමණි. කොටි සංවිධානයට ළමුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඉතා ගැඹුරින් සමාජය තුළින් ප්‍රශ්න කෙරෙන අවස්ථාවක් ප්‍රායෝගික සිදුවීමක් ඔස්සේ ඇය සිය ග්‍රන්ථයේ දක්වා ඇත. මෙය හද කකියවන සුළු පුවතකි. එයින්ම දෙමළ ජනයා ප්‍රභාකරන් නිසා කොතරම් පීඩනයට ලක්වූ බව පැහැදිලි නොවන්නේද? ඊළම සමග ප්‍රභාකරන් මියයෑම දෙමළ ජනයාට සැබවින්ම සහනයක් නොවන්නේ යැයි පවසන්නේ කවරකුද? මේ එම උපුටා දැක්වීමය.

“උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක් පුහුණුව සඳහා යොමුකර තිබුණි. දිනක් ඇයගේ පියා කඳවුරට පැමිණියේ ය. ඔහු වෙනත් මවුපියන් මෙන් සටන්කාමීන්ට බැණවැදීමක් හෝ තම දියණිය ඉල්ලා අඬා වැළපීමක් හෝ කළේ නැත. දෙපා අක්‍රීය ඔහු පැමිණ සිටියේ රෝද පුටුවක උපකාරයෙනි. ව්‍යාපාරය වෙනුවෙන් ඔහු සමග කතා කළ යුතු වන්නේ මාය. “නංගියේ මං අන්ත දුප්පත් හිඟන්නෙක්. හම්බවෙන කුලියක් මලියක් කරලා ලැබෙන තුට්ටු දෙක එකතු කරලා තමයි මගේ කෙල්ලට ඉගැන්නුවේ. දුව අරගලයට එකතු වුණ එක ගැන මගේ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනේ ඒක. ඒ වුණත් දුවේ හෙට පිටරටවල්වල ඉඳන් දොස්තරලා ඉංජිනියර්ස්ලා වෙලා ඉගෙන ගන්න අය මෙහෙට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි, අපේ පවුලයි ඒ අය ඉස්සරහ ඉගෙන ගත්තේ නැති හිඟන්නෝ හැටියටනෙ ඉන්න වෙන්නේ.”

චතුර පමුණුව

‘සතුරු බලවේග නව උපාය මාර්ග සෙවිය හැක’
ත්‍රස්තවාදය පැරදූ සටනේ හඬ දූතයා වුණේ ‘දිවයින’ යි

ආනන්දපුරම් සිට නන්දිකඩාල් දක්වා යුද ජය නැවත සිහිකරමු

කොටි ත්‍රස්තවාදීන් තිස් වසරකට අධික කාලයක් කරගෙන ගිය බෙදුම්වාදී යුද්ධය පරාජය කර අපේ මාතෘ භූමිය ජන ඝාතකයන්ගෙන් බේරා ගනු ලැබ අදට වසර 16ක් සම්පූර්ණ වෙයි. එදා එම සටන අවසන් අදියර දක්වා කරන්නට ලැබුණු දේශපාලන රාජ්‍ය නායකත්වයේ සවියත්, ත්‍රිවිධ හමුදා හා පොලිසිය, සිවිල් ආරක්ෂක බළකා ජවයත් සදා අමරණීයම වන්නේය.

අද වනවිට මේ මහා ජයග්‍රහණයට උරුමකම් කියන පියවරු දසතින් පැනනඟිමින් ඇති බව පෙනේ. කිසිදිනක මෙවැනි ජයග්‍රහණයක් නොපැතූ ප්‍රභාකරන්ට රට බෙදා දීම මගින් විනා ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය නොහැකි යැයි හඬ නඟා කී එවුන්ද දැන් ඒ පිය උරුමයට අයිතිකම් කියන බව පෙනේ. එබැවින් මෙවන් මොහොතක ඒ පිය උරුමය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

‘දිවයින’ පුවත්පතට ඒ පීතෘත්වයට හිමිකම් කීමට සෑම අයිතියක්ම ඇති බව මගේ වැටහීමයි. මෙරට ඇති අන් කිසිදු ජනමාධ්‍යයකට ඒ උරුමයට අයිතිවාසිකම් කිව හැකි නොවේ. අද මේ ජයග්‍රහණයට ආවඩන ඇතැම් පුවත්පත් පසුගිය කාලය තුළ ගෙනගියේ ජාති ද්‍රෝහී, ජනතා ද්‍රෝහී ප්‍රතිපත්තියකුයි. මේ ජාතික විමුක්ති සටනට අනුබල දුන් අප යුද ඇඳුමෙන් සරසා යුද වැද්දන් ලෙස නිරූපණය කර මුල් පිටුවේ පළ කිරීමට ඇතැම් පුවත්පත් තැත් කළ අයුරු මෙවේලෙහි මට සිහිවෙයි. මෙහිලා ‘දිවයින’ පුවත්පත හැඳින්විය යුත්තේ මේ ජාතික සටනේ පෙර මඟ ගමන් කළ හඬ දූතයා ලෙසයි.

‘දිවයින’ එහි ආරම්භයේ පටන්ම ජාතික ස්ථාවරයේ පිහිටි නියම අර්ථයෙන්ම ජාතිකවූ පුවත්පතක් බව අපි මුල් අවධියේම දුටුවෙමු. උපාලි විජයවර්ධන මහතා ‘දිවයින’ ආරම්භ කිරීමෙන් ඉටු කරන ලද්දේ හඬක් නැඟිය නොහැකිව අනාථව අසරණව සිටි සිංහල ජාතියට ඊට උරුම හඬ, පෞරුෂය ලබාදීම බව අපට ඒ මුල් අවස්ථාවේම වැටහිණි. මේ කරුණ වටහා ගත් අප ඇතුළු මේ රටේ දේශ හිතෛෂී ජාතික පිරිස් ‘දිවයින’ වටා රොක් වූයේ මේ අවබෝධය නිසයි. මෙහිදී මගේ අත්දැකීම්වලින් බිඳක් හෙළි කිරීම අනුචිත නොවෙතියි සිතමි.

එය මමායනය පුම්බා ගැනීමට කරන ව්‍යායාමයක් නොවේ.

අද කවුරුත් දන්නා උසුරුවන, චින්තනය, ජාතික චින්තනය වැනි වදන් මීට විසි-තිස් වසරකට පෙර මෙරට ජනතා වහර තුළ නොතිබුණ බව අපි දනිමු. මේ වදන් දෙකම ජනතා වහරට, දේශපාලන වහරට එකතු කරන ලද්දේ ‘දිවයින’ විසිනුයි. ජාතික චින්තනය නමැති වදන ‘දිවයිනෙහි’ මුල්වරට පළ වූයේ මා විසින් 1987 දී පමණ ඉරිදා ‘දිවයින’ට ලියන ලද ලිපියක් මගිනුයි. මගේ ඒ ලිපියේ මාතෘකාව වූයේ මාක්ස්වාදය ජාතික චින්තනයට ආදේශයක් නොවේ යන්නයි. ඒ ලිපිය ලිවීමට මා පොලඹවන ලද්දේ මෙරට මාක්ස්වාදීන් විසින් ජාතක ගැටලුව අරබයා එළිදක්වන ලද ජාති විරෝධී ආකල්පයයි. ‘දිවයින’ පුවත්පත ඒ ලිපිය මුල්කරගත් මහා විවාදයකට සිය පත්තර පිටු විවෘත කළේය. ඒ විවාදය දශකයක් පමණ යන තුරු නොනවත්වා පැවති බව ‘දිවයින’ පාඨකයන්ට මතක ඇතුවා නිසැකය.

එදා මේ රටේ සිටි ඊනියා ප්‍රබුද්ධයන් ‘ජාතික චින්තනය’ යනු කුමක්දැයි ඇසූ සැටි මට සිහිවෙයි. මෑතකදී ද එක්තරා වසලයකු වත්මන් තරුණ පරපුර මේ ‘හලාහලයෙන් මුදා ගත යුතු යැයි පවසනු මම දුටිමි. යම් ලෙසකින් එදා ‘දිවයින’ පුවත්පත එවැනි මහා වාදයක් ඇති කිරීමට උපස්ථම්භක නොවී නම් මේ ජාතික අරගලයට අවශ්‍ය දාර්ශනික පදනම සැපයීමේ කාර්යය ඉටු නොවන්නට තිබිණි. මෙවැනි මහා ජාතික කාර්යයකට උරදුන් ‘දිවයින’ ට අද වනවිට ජාතියේ ප්‍රණාමය හිමි වීම නොවැළැක්විය හැකිය. ඒ ප්‍රණාමයෙන් උද්දාමයට පත්වන අතරම සිය කාර්යභාරය තවමත් සම්පූර්ණයෙන් ඉටු වී නොමැති බව ද ‘දිවයින’ මේ අවස්ථාවේදී වටහා ගත යුතු යැයි මම සිතමි. ‘දිවයින’ මේ ජාතික විමුක්ති අරගලයේ ඊළඟ පියවරට ද උරදිය යුතුයි.

ප්‍රභාකරන් නමැති ‘පරසතුරා’ පෝෂණය කර හදා වඩා ගන්නා ලද්දේ මේ රට සිය ග්‍රහණයට ගැනීමට තැත් කරන විජාතික අධිරාජ්‍යවාදී බලවේගයන් විසිනුයි. ප්‍රභාකරන් ඔවුන්ගේ ඒජන්තයා විය. ඒජන්තයා වැනසූ පමණින් අර සතුරු බලවේග නිහඬ වනු ඇතැයි සිය දුෂ්ට ව්‍යායාමය නවත්වනු ඇතැයි අප සිතුවොත් එය මුළාවකි. දැන් ඔවුන් සිය පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා නව ක්‍රම උපාය යොදා ගන්නවා ඇත. ඒවා වඩා සංකීර්ණ අදෘශ්‍යමාන ඒවා වනු ඇත. සිය තර්ජන ගර්ජන මගින් ණය උගුල්, ආධාර මතින් පාලකයෝ සිය වසඟයට ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත. එහි පසුබිම දැනටම සකස් වෙමින් පවතින බව පෙනේ. ඒ සඳහා අවශ්‍ය නව ඇන්.ජී.ඕ. නඩයක් දැනටම බිහිවෙමින් පවතී. මා ඉහතින් සඳහන් කළ වසලයන් වැන්නන් ඒ නඩයේ සාමාජිකයන් වනු ඇත. මේ අදෘශ්‍යමාන සතුරාගේ ආක්‍රමණය වැළැක්වීමට ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය මැඬීමට වඩා අමාරු කටයුත්තක් වනු ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ ‘දිවයින’ වැනි ජාතික පුවත්පතකට ඇති වගකීම සුවිශේෂ වෙයි. එබැවින් තමා අතින් නිමවූ ජාතික කාර්යය ගැන උදම් වන අතර එවැනිම අනාගත කාර්යයක් තමන් සතුව ඇති බව ‘දිවයින’ විසින් වටහා ගත යුතුවෙයි. ඒ අනාගත කාර්යයට ද ‘දිවයින’ ඉදිරිපත් වනු ඇතිය යන්න අපගේ ප්‍රාර්ථනයයි.

(ගුණදාස අමරසේකරයන් 2009 අපට කළ සඳහන අදට ද හෙටට ද වැදගත්ය.)


advertistmentadvertistment