ආනයනික සහල් නිදහස් කර ඇති ප්‍රමාණය රේගුව පවසයි

129

අද පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර රේගුවෙන් නිදහස් කර අවසන් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව වාර්තා වෙයි.

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගැනීමත් සමග සහල් නිදහස් කිරීමේ කටයුතු රේගුව විසින් පසුගිය 26 දා සිට නැවත ආරම්භ කරනු ලැබූ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.


advertistmentadvertistment