ආර්ථික අහේනියෙන් 29% ක් දුප්පත්කමේ අගාධයේ

118

ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 29.5ක් ඉකුත් වර්ෂයේ (2023) දරිද්‍රතා රේඛාවෙන් පහළින් ජීවත් වූ බව ලෝක බැංකුවේ නවතම තොරතුරු මගින් අනාවරණය වී ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මෙරට පුද්ගලයින් දස දෙනකුගෙන් හයදෙනකුම (සියයට 55.7ක්) සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවන තත්ත්වය යන බහුමාන වශයෙන් අවදානමට ලක්ව ඇතැයි ජාතික පුරවැසි සමීක්ෂණය මගින් (2022 – 2023) අනාවරණය කර ඇති බව ද මෙම වාර්තාවේ දැක්වේ. පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වන වසර ගණන සහ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයද බහුමාන අවදානම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇත. පාසල් අධ්‍යාපන කාලය, පාසල් පැමිණීම, නිධන්ගත රෝග, සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය, නිවාස, සනීපාරක්ෂාව, පානීය ජලය, ඉවුම් පිහුම් ඉන්ධන වත්කම්, මූලික පහසුකම් යන බහුමාන වශයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් සියයට 82ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

එම නිසා ණගැතිභාවය, ආපදාවට ඔරොත්තු දීමේ හැකියාව සහ ජලමූලාශ්‍ර වෙත ප්‍රවේශ වීම යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය යුතු බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment