ආරුගම්බෙ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතරින් සෙසු සැකකරුවන් දෙදෙනා ද ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (29දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්නේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ද දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කර විමර්ශන සිදුකිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මින් පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී තිබිණි. අධිකරණයට රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එම කරුණ සැලකළේය.
ඒ.ජේ.ඒ. අබේනායක