ආසියානු කායවර්ධන තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩකාවන් 7ක්

90

ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධායකත්වයෙන් ලබන මස 05 දින සිට 08 දින දක්වා මොන්ගෝලියාවේ උලන් බටා නුවරදී පැවැත්වීමට නියමිත 2024 ආසියානු කායවර්ධන තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියෙන් ක්‍රීඩක ක්‍රීඩකාවන් හත් දෙනකු තෝරා ගත් බැව් එහි සභාපති රන්දීර් රුද්‍රිගු මහතා ‘දිවයින’ ක්‍රීඩා පිටුවට තොරතුරු අනාවරණය කළේය.

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් පැවති CFF සහ 75 වන Mr. Sri Lanka තරගාවලිවලින් තරග ඉසව් හා බර පන්ති ජයග්‍රහණය කළ ප්‍රථම සහ දෙවන ස්ථාන ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් වත්තල පුරහලේ දී මෙම තේරීම් තරග පැවැත්විණි.

එහිදී පහත නම් සඳහන් ක්‍රීඩකයින් තෝරා පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංවිධානය පවසයි.

ජ්‍යෙෂ්ඨ කිලෝ ග්‍රෑම් 60 – ආර්. යූ. තුෂාර රත්නායක

ජ්‍යෙෂ්ඨ කිලෝ ග්‍රෑම් 65 -පී.ජී.එන්. වික්‍රමසිංහ

ජ්‍යෙෂ්ඨ කිලෝ ග්‍රෑම් 70 – ආර්. ඒ. පී. ඩී. රාජපක්ෂ

ජ්‍යෙෂ්ඨ කිලෝ ග්‍රෑම් 75 – කේ. ඩී. මායාදුන්නේ

ශාරීරික සෙ.මී. 168 පහළ –ඩබ්ලිව්. රංග සිල්වා

කේ. පී. එන්. ගුණසේකර

ශාරීරික කාන්තා – ජේ. පී. කේෂානී පෙරේරා

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment