මොහිඩින් නක්විගේ ප්‍රධානත්වයෙන් පවත්වන ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන සියලුම තරගවලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ ඇරඹීමට නියමිත පිරිමි ආසියානු කුසලානයෙන් සහ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානයෙන් ඉවත් වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත.
මෙම තත්ත්වයට පාදක වී ඇත්තේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයයි.