ආසියානු කුසලාන දැල්පන්දු: මැලේසියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්

296

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි වටයේ පළමු තරගයේදී මැලේසියානු කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ඊයේ (06 වැනිදා) සමත් විය. ඒ එම තරගය ගෝල 55-53ක් ලෙසින් ජය ගනිමිනි.

මූලික වටයේදී ඉන්දියාව සහ පිලීපනය පහසුවෙන් පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු අභියෝගයක් එල්ල කළ මැලේසියානු කණ්ඩායම තරගයේ පළමු කාර්තුවේදී ලකුණු 16-13ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වී සිටියේය. කෙසේ වෙතත් පළමු වටයේදී සිදු වූ අඩුපාඩු නිවැරදි කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි වටය ලකුණු 30-30ක් ලෙස සමතැන් ගනිමින් අවසන් කර ගැනීමට සමත්වීම කැපී පෙණුනි.

තෙවැනි වටය අවසානයේදී තරගයේ පාලනය දෝතට ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම වටය 45-38ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූ අතර තීරණාත්මක අවසන් වටයේදී ඊට තව ලකුණු 15ක් එක කර ගනිද්දී මැලේසියානු කණ්ඩායමට ලකුණු 10ක් පමණක් එක් විය.

තරගාවලියේ දෙවැනි වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද (07 වැනිදා) සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමගින් පැවැත්වේ.


advertistmentadvertistment