ආසියානු යොවුන් කුසලාන තරග කාලසටහන නිකුත් වෙයි

193

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන යොවුන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ කාලසටහන ආසියානු කි‍්‍රකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ. එ් අනුව මෙවර තරගාවලියේදී ශී‍්‍ර ලංකා යොවුන් පිල මූලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වදිනු ලබයි.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා රටවල් ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, නේපාලය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, බංග්ලාදේශය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වැදීමට නියමිතය. එ් අනුව අදාළ තරගාවලිය ලබන 23 වැනිදා සිට 31 වැනිදා දක්වා කි‍්‍රයාත්ම අතර එ් සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 20 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

ශී‍්‍ර ලංකාව තරගවදින ‘බී’ කාණ්ඩය යටතේ බංග්ලාදේශය, නේපාලය සහ කුවේට් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය. එ් අනුව මෙවර තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 24 වැනිදා පැවැත්වෙන අතර එ් කුවේට් කණ්ඩායමට එරෙහිවය. ‘බී’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වැදීමට නියමිතව තිබේ.

තරග කාලසටහන

‘එ්’ කාණ්ඩය

23 වැනිදා

ඉන්දියාව – එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ඇෆ්ගනිස්තානය – පාකිස්තානය

25 වැනිදා

ඉන්දියාව – පාකිස්තානය

ඇෆ්ගනිස්තානය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය

27 වැනිදා

ඉන්දියාව –

ඇෆ්ගනිස්තානය

පාකිස්තානය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය

‘බී’ කාණ්ඩය

23 වැනිදා

බංග්ලාදේශය – නේපාලය

24 වැනිදා

ශී‍්‍ර ලංකාව – කුවේට්

25 වැනිදා

බංග්ලාදේශය – කුවේට්

26 වැනිදා

ශී‍්‍ර ලංකාව – නේපාලය

28 වැනිදා

ශී‍්‍ර ලංකාව – බංග්ලාදේශය

නේපාලය – කුවේට්

30 වැනිදා

අවසන් පූර්ව තරග

31 වැනිදා

අවසන් මහා තරගය

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment