ලංකා සතොස සමාගම විසින් දෛනික වැටුප් ගෙවීමේ පදනම මත බඳවා ගෙන තිබූ සේවකයින් 573 දෙනකුගේ පැමිණීම සහ පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයක් මගින් සටහන් කර නොගෙන අත්සන් ලේඛනයක් මත පදනම්ව ඔවුන්ට 2023 වර්ෂයේ දී රුපියල් තිස්හතර කෝටි අනූලක්ෂ හතළිස් එක්දහස් අටසිය හැට දෙකක මුදලක් (349,041,862) වැටුප් ලෙස ගෙවා ඇති බවට අනාවරණය වී ඇත.
මෙම සේවකයින් 2023 වර්ෂයේ දී අලෙවි සල් සඳහා බඳවා ගෙන තිබුණි. සියලුම සේවකයින් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් පැමිණීම, පිටවීම සටහන් කිරීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් ද නිර්දේශ කර ඇත.
දෛනික වැටුප් ගෙවීමේ පදනම මත බඳවා ගනු ලබන සේවකයන් දිගින් දිගටම සේවයේ නිරත නොවන බැවින් පැමිණීම හා පිටවීම තහවුරු කර ගැනීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර යොදා ගැනීම අපහසු කටයුත්තක් බැවින් අත්සන් ලේඛනයක් මගින් තහවුරු කර ගනු ලබන බව ලංකා සතොස සමාගමේ කළමනාකාරිත්වය විගණනයට සඳහන් කර ඇත.
ලංකා සතොස ලිමිටඩ් සමාගමේ 2023 වර්ෂයට අදාළ ගනුදෙනු වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ලලිත් චාමින්ද