කළුතර අවිත්තාවල ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවළ යන ස්ථානයේ දිය නාමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු ඊයේ (25දා) දියේ ගිලී මියගොස් ඇත.
මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.
මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්දන සහයකයින් පිරිසක් සමග මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනකු ඊයේ පෙරවරුවේ මෙම දියවළෙහි දිය නෑමට ගොස් ඇත. එහිදී මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා දියේ ගිලී මියගොස් තිබේ.
දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ අද (26දා) පැවැත්වීමට නියමිතය. ඉත්තෑපාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.