දියර පොහොර ඉසිද්දී විෂ වී ගොවියාට අසාධ්‍යයි

424

රජය මගින් ලබාදී ඇතැයි කියන දියර පොහොර වර්ගයක් කුඹුරට ඉසීමෙන් අනතුරුව ඇතිවූ අසාත්මිකතාව හේතුවෙන් පොලොන්නරුව  අරලගංවිල කන්දේගම ප‍්‍රදේශයේ ගොවි මහතෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පොලොන්නරුව මහ රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මෙසේ කාබනික දියර පොහොර ඉසීමෙන් අසාත්මිකතාවයට පත්ව ඇත්තේ අංක 338 කන්දේගම දම්මින්න ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන එන්. සිරිවර්ධන (47) නැමැති ගොවි මහතෙකි

පෙරේදා (14 දා) උදෑසන ඔහු මෙම දියර පොහොර වර්ගය තම කුඹුරට ඉසීමෙන් අනතුරුව මෙම අසාත්මිකතාව ඇතිවූ බවත් ඒ අනුව වමනය ගොස් ක්ලාන්ත ගතියක් ඇතිවීමෙන් අනතුරුව නිවසට නොපැමිණි ඔහු ඊයේ (15 දා* උදෑසන කුඹුරේ පැලෙහි රෝගාතුරවී වැටී සිටියදී දරුවන් විසින් මෙම ගොවි මහතා අද දහවල් අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට යවා තිබේ. මෙම දියර පොහොර වර්ගය ඉසීමෙන් තමන්ට රෝගාතුර තත්ත්වයක් හටගත් බවත් සැමියා පැවසූ බව බිරිඳ වන අනෝජා කුමාරි මහත්මිය අප වෙත පවසා සිටියාය.

කන්දේගම ගොවි සමිතිය හරහා මෙම දියර පොහොර වර්ගය ගම්මානයේ සියලූ ගොවීන්ට ලබාදුන් බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

රොෂාන් තුෂාර තෙන්නකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment