ඇතුගල්පුර මලිය-ආනා ක්‍රිකට් හටන අද ඇරඹේ

59

41 වරට ඇතුගල්පුර මහා ක්‍රිකට් හටන මෙම 28 හා 29 දෙදිනක් පුරා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගාවලියේ මෙවර තරග සංවිධායකත්වය දරන සාන්ත ආනා විද්‍යාලයීය ආදිශිෂ්‍ය කණ්ඩායම සැලසුමිකර ඇත. ඇතුගල්පුර ක්‍රිකට් මහා හටනට සමගාමීව පසුදින පැවැත්වෙන එක්දින තරගය 30 වැනි ඉරුදින වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙදින තරගය සඳහා ඩයලොග් ආයතනය අනුග්‍රාහකත්වය දැරීමට නියමිතය. එක්දින තරගය සඳහා අනුග්‍රහකත්වය දම්රෝ ආයතනය දරනු ඇත.

මලිදේව සාන්ත ආනා තරග ආරම්භය 1959 බවට ඉතිහාසයේ සඳහන්වී ඇත. 1965 සිට 1979 දක්වා තරග පවත්වා නැතිබවත් ඉතිහාසයේ සඳහන්වේ.

1980 නැවත තරග ආරම්භ වී ඇති අතර මෙවර 41 වන වරට තරග වාරය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී 28 සහ 29 දෙදින තුළ පැවැත්වීමට දෙපිල සූසානම් වී සිටිති.

1959,1960,1964 2013, 2014 සහ 2022 වසර හයක් (6) ශාන්ත ආනාවන් පරදවා ජය සටහන් කරන ලදී. අවසන් තරගය 2022 දී මතීෂ වීරසිංහගේ නායකත්වය මත තරගයේ ජය තහවුරු කර ගන්නා ලදි. ශාන්ත ආනා තරග ජයග්‍රහණයක් වාර්තාකර නැති අතර මලියදේව ජයග්‍රහණ- 6 ජය පරාජයෙන් තොර -34 ඉනිමක වැඩිම ලකුණු -156 නොදැවී – සුදර්ශන ගුරුගේ 1980 හොඳම පන්දු යැවීම- මලියදේව – ලකුණු 12 ට කඩුලු 7 විමල් සතුරුසිංහ 1960 ශාන්ත ආනා- 48ට 6 ශානක ශනින්ද සිල්වා 2009 ඉනිමක වැඩිම- මලියදේව 331/6 – 2020 ශාන්ත ආනා 307/7 – 2017

ශාන්ත ආනා විද්‍යාලය නායක “ බුද්ධිම නන්දසිරි

පස්වන වසරේ ක්‍රීඩකයකු වන කඩුලු රකින පිතිකරු බුද්ධිම නන්දසිරි නායකත්වය දරයි. කඳාන ද මැසනද් විද්‍යාලයට එරෙහිව ලකුණු146ක් ලබා ඇත. නායක නන්දසිරි හැරුණුවිට ඕෂධ කොඩිකාර,වගීෂ රණසිංහ, කුෂාන් සුබසිංහ, දිනුග අබේසේකර,සනුජ දිසානායක,ෂෙහාන් කුමාර, චමිත් සසේන්ජන,යස්මිත් ජයසුන්දර යන ක්‍රීඩකයන් සියලු දෙනා ඉනිමකදී අර්ධ ශතක ඉක්මවා ලකුණු රැස් කර ඇත. නායක නන්දසිරි, උපනායක සසේන්ජන, කුෂාන් සුබසිංහ සහ සනුජ දිසානායක යන ක්‍රීඩකයන් ලකුණු 400 සීමාව ඉක්මවා ඇත. පන්දු යවන්නන් අතර වමත් දඟ පන්දු යවන ෂෙහාන් කුමාර කඩුලු 55 ලබා පෙරමුණේ පසුවන අතර කෙවින් නානායක්කාර කඩුලු 40 ලබා ඇත. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ඉනිමකදී කඩුලු 5ක් ලබාගත් අවස්ථා හතර බැගින් වාර්තා කර ඇත. මීට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක බසීර් ශකීල් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 17 ට කඩුලු 5 ලබා ඇත. ශාන්ත ආනා විද්‍යාලයීය පිලේ ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩක ගීතික ද සිල්වා ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් පකිස්තානය, එංගලන්තය හා ඩුබායිහි සංචාරය කර ඇත. ශාන්ත ආනා විද්‍යාලය මෙම තරග වාරයේ කළුතර තිස්ස මැදි විදුහල පරදා පූර්ණ ජයක් අත් කරගත් අතර මාතර ශාන්ත තෝමස් විද්‍යාලය වෙතින් පරාජයට පත් විය. මීට අමතරව කොළඹ ආනන්ද, තර්ස්ටන් හා ගාල්ල මහින්ද වැනි ප්‍රබල කණ්ඩායම් පරාජය කරමින් පළමු කොටසේ ටියර් ඊ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණියේය. එහිදී කොළඹ ඉසිපතන විද්‍යාලය අතින් පරාජයට පත්විය. පාසල් එක්දින සීමිත ඕවර තරගාවලියේදී ද අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණි අතර එහිදී කඳාන ද මැසනද් විද්‍යාලය අතින් පරාජයට පත් විය.

ඇතුගල්පුර මලිය-ආනා ක්‍රිකට් හටන අද ඇරඹේ

මලියදේව විද්‍යාලය නායක – චන්දූප අබේසිංහ

මලියදේව විද්‍යාලයේ නායකත්වය දරන්නේ චන්දූප අබේසිංහයි. ඔහු මෙම තරග වාරයේ ලකුණු 420ක් රැස් කර ඇති අතර ලකුණු 400 සීමාව ඉක්මවා ගිය සෙසු පිතිකරුවන් වන්නේ දිමන්ත අරූෂ සහ රජිත නවෝද්‍යයි. කඩුලු රකින පිතිකරු නවෝද්‍ය අර්ධ ශතක දෙකක් සමග ලකුණු 462ක් රැස් කර ඇති අතර ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ පිලට එරෙහිව ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ පිල නියෝජනය කළේය. මලියදේව පිලේ දක්ෂතා දැක්වූ සෙසු පිතිකරුවන් වන්නේ උපනායක දිමත් අබේසිංහ, පැහැසර බණ්ඩාර, සන්දීප බණ්ඩාර සහ විනුක ගලප්පත්ති යන ක්‍රීඩකයන්ය. ඔවුන් සියලු දෙනා ලකුණු 250 සීමාව ඉක්මවා සිටී. පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන ඇත්තේ වමතින් දඟ පන්දු යවන උපනායක දිමත් අබේසිංහයි. ඔහු කඩුලු 53ක් දවා ඇති අතර ඉනිමකදී කඩුලු 5 බැගින් ලබාගත් අවස්ථා 3 වාර්තා කර ඇත. ඔහුගේ හොඳම පන්දු යැවීම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 70 කඩුලු 7 කි. අබේසිංහ මේ වනවිට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයට ඇතුළත් වී සිටින ක්‍රීඩකයෙකි. සෙසු පන්දු යවන්නන් අතර කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත්තේ කඩුලු 25ක් ලබා ගත් තවීෂ බාලසූරිය හා ආරම්භක මද වේග පන්දු යවන දිමන්ත අරුෂයි. මලියදේව පිල මෙම තරග වාරයේ කොළඹ නාලන්ද හා කොටහේන ශාන්ත බෙනඩික්ට් යන විදුහල්වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් වාර්තා කර ඇත. මලියදේව විදුහල මොරටුව ශාන්ත සෙබෙස්තියන්, මහනුවර ත්‍රිත්ව හා ගාල්ල රිච්මන්ඩ් විදුහල් අතින් පරාජයට පත් විය.

ආර්. එම්. ඩබ්ලිව්.බණ්ඩාර – කුරුණෑගල


advertistmentadvertistment