ඇපල් සමාගම පරාදයි

439

ඇපල් සමාගමේ වටිනාකම අභිබවා යමින් ලෝකයේ වටිනාම සමාගම බවට Nvidia (නිවිදියා) සමාගම පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහි කොටස් වටිනාකම ඊයේ සියයට 3.5කින් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව එහි අගය දැක්වුණේ ඩොලර් 136ක් ලෙසටය.
කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරෙන මෙවලම් සඳහා අවශ්‍ය පරිගණක චිප් මෙම සමාගම විසින් නිපදවනු ලබයි.

එහි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.

එම සමාගමේ වර්තමාන වටිනාකම සඳහන් වන්නේ ඩොලර් ට්‍රිලියන 3.34ක් ලෙසටය.

Nvidia අමෙරිකානු බහුජාතික සමාගමකි. එහි මූලස්ථානය කැලිෆෝනියාවේ පිහිටා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment