SRI LANKA TOP 100 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දා ‘නවලිය’ සම කර්තෘ සුගත්ට සම්මාන

48

ශ්‍රී ලංකාවේ සුවිශේෂී පුද්ගලයන් අභිනන්දනය කරනු ලබන වාර්ෂික සම්මාන සන්නාම ප්‍රාතිහාර්යයේ දෙවැනි දිගහැරුම SRI LANKA TOP 100 2022 හිටපු කතානායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

 විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණතා දැක්වූ විශිෂ්ටයන් සියදෙනකු සම්මාන ලැබූ අතර එහිදී විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් වසන්ත රෝහණ, ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි සම්මාන ලැබීය. මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් ග්‍රන්ථකරණයේ හා පුවත්පත් කලාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් ශාන්ත

 මොරගහකුඹුර සම්මාන ලැබුවේය. සුගත් මොරගහකුඹුර ‘නවලිය’ පුවත්පතේ සම කර්තෘවරයාද වෙයි.

 ඡායාරූපය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment