ඇමරිකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ දෙදෙනකුට වෙඩි තබා මරයි

116

ඇමරිකාවේ පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සේවය කළ දෙදෙනකු වොෂින්ටන් නගරයේ දී වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ යාරෝන් ලිෂින්ස්කි සහ සාරා මිල්ග්‍රෑම් නමැති ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ දෙදෙනෙකි.

යුදෙව් කෞතුකාගාරයේ උත්සවයකට සහභාගි වී පිටතට යමින් සිටිය දී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් එළියාස් නමැති සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පලස්තීනයට නිදහස ලෙස කෑගසා ඇත.


advertistmentadvertistment