ඇමෙරිකාවෙන් පිටුවහල් කරන විදේශිකයින් අතර ශ්‍රී ලංකාවේ පිරිසකුත්

860

නව ඇමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

ලොව පුරා රටවල් රැසකින් පැමිණ ඇමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව ඇමෙරිකානු පරිපාලනය විසින් මේ වනවිට සකස් කර තිබේ.

ඊට ඇතුළත් කර ඇත්තේ ඇමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බව සදහන්ය.


advertistmentadvertistment