ඇමෙරිකාවේ මහල 12ක නිවාස සංකීර්ණය කඩා වැටී අතුරුදන් සංඛ්‍යාව 159 දක්වා වැඩි වෙයි

312

ඇමෙරිකාවේ ප්ලෝරිඩා හි මහල් 12ක නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
 මෙම නිවාස සංකීර්ණයේ නිවාස 136ක් තිබූ අතර මියගිය පිරිස අතර ඉන්දියානු යුවළක් හා ඔවුන්ගේ  දියණිය ද වේ. මේ වනවිට මළසිරුරු 9 ක් හමුවී ඇත. නිවාස සංකීර්ණය කඩා වැටීමට මුල්වූ හේතූන් මෙතෙක් හෙළිවී නැත. මේ අතර පොලිසිය පැවසුවේ සුන්බුන් අතර සිරවී සිටි 55ක් බේරාගත් බවයි. ජීවිතාරක්‍ෂක භට පිරිස් සුනඛයන් සහ සෙන්සර් උපකරණවල සහයෙන් අතුරුදන්වූවන් සෙවීමේ යෙදීසිටින බව වාර්තා වේ.

සංස්‌කරණය කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment