ඇමෙරිකාවේ සිසුවියක් කළ වෙඩි තැබීමකින් 2ක් මරුට

217

ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ පිහිටි පුද්ගලික ක්‍රිස්තියානි පාසලක ඉගෙනුම ලබන සිසුවියක් විසින් ඊයේ (17දා) පාසල තුළ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම වෙඩි තැබීමට මුල් වූ හේතුව අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විස්කොන්සින් ප්‍රාන්තයේ පිහිටි “ඇබන්ඩන්ට් ලයිෆ් ක්‍රිස්තියානි විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් එම පාසලේ ගුරුවරයෙකු හා ශිෂ්‍යයෙකු මියගොස් තිබේ. මෙම වෙඩි තැබීමෙන් තවත් සිසුන් හය දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. වෙඩි තැබීම සිදුකළ සිසුවිය ද එම ස්ථානයේම මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.


advertistmentadvertistment