ඇමෙරිකාව හා එංගලන්තය අතර තීරුබදු අඩු කිරීමේ එකඟතාවක්

101

ඇමෙරිකාව හා එංගලන්තය අතර දැනට ක්‍රියාත්මක වන ආනයනික භාණ්ඩ මත පනවා ඇති අධික තීරුබදු අඩු කරලීමේ එකඟතාවයකට එළඹීමට එම දෙරට විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකාව හා එංගලන්තය අතර ඇති කරගෙන තිබෙන මෙම ආනයනික භාණ්ඩ මත පනවා තිබෙන තීරුබදු අඩු කරලීමේ එකඟතාවය සෑම භාණ්ඩයකටම පාහේ අදාළ වන ආකාරයේ එකඟතාවයක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. අදාළ එකඟතාවය පිළිබඳව ඊයේ ඇමරිකානු වේලාවෙන් උදෑසන කාලයේ ධවල මන්දිරය විසින් නිවේදනය කිරීමට නියමිතව තිබිණි.

දැනට ක්‍රියාත්මක වන තීරුබදු වැඩපිළිවෙළ යටතේ ඇමෙරිකාව විසින් එංගලන්තයෙන් ආනයනය කරන බොහෝ භාණ්ඩ මත සියයට 10ක තීරු බද්දක් පනවා ඇති අතර එංගලන්තය ද ඇමරිකාවෙන් ආනයනය කෙරෙන ඇතැම් භාණ්ඩ මත තීරු බදු පනවා තිබේ. ඊයේ නිවේදනය කිරීමට නියමිතව තිබූ ඇමෙරිකාව හා එංගලන්තය අතර තීරුබදු අඩු කරලීමේ එකඟතාවය යටතේ එම දෙරට විසින් එම ආනයනය කරනු ලබන එම රටවල නිෂ්පාදිත මෝටර් රථ මෙන්ම ඇමෙරිකානු ඩිජිටල් ව්‍යාපෘති මත පනවා ඇති තීරුබදු අඩු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර එංගලන්ත අගමැති කියර් ස්ටාමර් පවසා ඇත්තේ ඊයේ උදෑසන වන විටත් ඇමරිකාව හා එංගලන්තය අතර තීරුබදු අඩුකරලීමේ සාකච්ඡා පැවතුණු බවයි.


advertistmentadvertistment