ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියෙන් කැඩී ගිය දැවැන්ත අයිස් කුට්ටියක් මඩ හා ගල් සමගින් කඩා වැටීම හේතුවෙන් එරට ගම්මානයක වැඩි කොටසක් පොළවට වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙසේ අයිස් කුට්ටියකට යට වූ ඇල්ප්ස් කඳු ආශ්‍රිතව පිහිටි “බ්ලාට්ටෙන්” ගම්මානයෙන් මාසයකට පෙර පදිංචිකරුවන් ආරක්ෂිත හේතුන් මත ඉවත් කරගෙන ඇති බව වාර්තා වී ඇති අතර අයිස් කුට්ටිය කඩා වැටීම හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන්ව සිටී. මෙම අයිස් කුට්ටිය කඩා වැටීම හේතුවෙන් ගම්මානයේ පිහිටි නිවාස හා ගොඩනැඟිලිවලට හානි සිදුව ඇති බව වාර්තා වේ.
ස්විට්සර්ලන්ත පොලිසියට අනුව මෙම ව්‍යසනයෙන් “බ්ලාට්ටෙන්” ගම්මානයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව ඇති අතර ඔහුව සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. ස්විට්සර්ලන්ත බලධාරීන්ට අනුව අයිස් කුට්ටිය කඩා වැටීම් හේතුවෙන් අදාළ ගම්මානයෙන් සියයට 90ක් පමණ විනාශ වී පොළවට සමතලා වී තිබේ.