ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමෙන් කොත්තුමී දන්සලක්

88

ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) සංවිධානයෙන් හා පූර්ණ අනුග්‍රහයෙන් ප්‍රීමා කොත්තුමී දන්සලක් පෙරේදා (22 දා) කොළඹ 02, යූනියන් පෙදෙසේ අංක 185 දරන ස්ථානයේ පිහිටි ඇසෝසියේටඩ් මෝටර්ස් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) (පෞද්ගලික) සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ ඇන්ඩෘ බොන්තුස් මහතා පීත්තපටියක් කපා දන්සල විවෘත කළ අයුරු හා එහිදී සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා දන්සලට පැමිණි කාන්තාවකට කොත්තුමී පිළිගැන්වූ අයුරු. ඇසෝසියේටඩ් මෝටර්වේස් සමූහයේ සැපයුම් ජාලයේ ප්‍රධානී සුසිත් ප්‍රනාන්දු මහතාද ඡායාරූපයේ සිටී.

(සටහන හා ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ)

advertistmentadvertistment
advertistmentadvertistment