ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, උත්කර්ෂවත් 7 වන වාර්ෂික රක්‍ෂණ සමුළුව සහ රක්ෂණ සම්මාන උලෙළේදී. ඉහළම ඉදිරිගාමී චින්තනයක් සහිත ජීවිත රක්ෂණ සන්නාමය 2023 – ආසියාව. (Most Forward-Thinking Life Insurance Brand 2023 – Asia) යන ගෞරවණීය සම්මානයෙන් පිදුම් ලැබීය.

The New India Assurance Company Limited ආයතනයේ අනුග්‍රහකත්වයෙන් සහ Insurance Alert ආයතනයේ සහයෝගයෙන් පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවය මගින්, රක්ෂණ සමාගම්වල විශිෂ්ටත්වය අගැයීම සහ ගෝලීය වශයෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ බලපෑම් සහගත වෙනස්කම් සිදු කරන ආයතන හඳුනා ගැනීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, නවෝත්පාදකයින් සහ පාර්ශවකරුවන් ඒකරාශී කෙරිණි.

දැඩි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් හරහා ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව දරන උත්සහය මෙම අගැයීමෙන් ඉස්මතු වී තිබේ. සෑම අන්තර්ක්‍රියාවකදීම විශිෂ්ටත්වය තහවුරු කිරීමට ඇති අඛණ්ඩ කැපවීම සමගින්, යූනියන් ඇෂුවරන්ස් සමාගම සිය පාරිභෝගිකයන් සඳහා පහසු ප්‍රවේශයක්, සවිබල ගැන්වීම් සහ දැරිය හැකි මිලක් සහතික කරමින් ජීවිත රක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රවේශ වීමේ ක්‍රමවේදයෙහි පරිවර්තනයක් ඇති කර තිබේ.මෙම ගෞරවණීය අගැයීමට ලක්වීම පිළිබඳව සතුට පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න සඳහන් කළේ, “‍‍7 වන වාර්ෂික රක්‍ෂණ සමුළුව සහ රක්ෂණ සම්මාන උලෙළේදී .ඉහළම ඉදිරිගාමී චින්තනයක් සහිත ජීවිත රක්ෂණ සන්නාමය 2023 – ආසියාව. (Most Forward-Thinking Life Insurance Brand 2023 – Asia) යන සම්මානයෙන් යූනියන් ඇෂුවරන්ස් පිදුම් ලැබීම අපට අතිශය ගෞරවයක්. මෙම අගැයීම තුළින්, නවෝත්පාදන සිදුකිරීමට සහ අපගේ වටිනා රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අප තුළ ඇති කැපවීම නැවත තහවුරු කර තිබෙනවා. සීමා අතික්‍රමණය කිරීම සහ අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට සැබවින්ම ගැළපෙන විසඳුම් ලබා දීම ගැන යූනියන් ඇෂුවරන්ස් සමාගම වශයෙන් අප තුළ ස්වයං ආඩම්බරයක් තියෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment