UCMAS ශ්‍රී ලංකා ජයග්‍රාහී පස්වන වසරට අභිමානයෙන් පිවිසෙයි

23

ලොව අංක එකේ මනෝමය ගණිත වැඩසටහන UCMAS හි ශ්‍රී ලංකා ශාඛාව නව කලමණාකාරිත්වයක් යටතේ ආරම්භ වී සිව්වන වසර සමරුව අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා සිදු කෙරිණ.

එමෙන්ම කොළඹ වැල්ලවත්තේ පිහිටා ඇති, නවීන පහසුකම් වලින් සැදුම්ලත් UCMAS ශ්‍රී ලංකා නව මූලස්ථාන ගොඩනැගිල්ලේ විවෘත කිරීමද ඊට සමගාමීව සිදුවිය. නව කළමනාකාරිත්වය යටතේ UCMAS ශ්‍රී ලංකා ශාඛාව ගතවූ වසර හතර තුළ දැවැන්ත ජයග්‍රහණය රාශියක් අත්පත් කරගනමින් රටපුරා දරුවන්ගේ බුද්ධි මට්ටම ඉහළ නැංවීමේ මාහැඟි මෙහෙවරට දායකවී සිටී.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ UCMAS ශ්‍රී ලංකා ප්‍රධාන විධායක විජේ ශිවශංකර් මහතා, “අපි සෑම විටම උත්සහ කරන්නේ දරුවන්ට හොඳම දේ ලබා දෙන්නටයි. හෙට ලොව බාරගන්නා දරුවන්ට ලබා දිය හැකි හොදම දේ අධ්‍යාපනය පමණයි. UCMAS අපි සැමදා ඒ වෙනුවෙන් කැපවී සිටිනවා. ඒ සඳහා දැවැන්ත පියවර රාශියක් තැබීමට අපි සූදානම්ව සිටිනවා. මේ වසරේ UCMAS ශ්‍රී ලංකා ජාතික තරගාවලිය 2024 අගෝස්තු 10 වෙනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට දැනටමත් සියලු‍ කටයුතු සූදානම් කර අවසන්. එමෙන්ම මෙවර ඉන්දියාවේදී පැවත්වෙන ජාත්‍යන්තර තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය රාශියක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් UCMAS ශාඛා රැසක් දිවයින පුරා අලු‍තින් ආරම්භ කිරීමටත් නියමිතයි. ඒ වගේම අලු‍තින් විවෘත කළ අපගේ ප්‍රධාන කාර්යාලය තුළින්, දිවයින පුරා විසිරී සිටින අපගේ බලයලත් ශාඛා නියෝජිතයින්ට විශාල පහසුකම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙනවා. විශේෂයෙන් පුහුණුවීම් කටයුතු ඇතුළු තවත් බොහෝ දේ පහසුවෙන් සිදු කරගැනීමට නවීන පහසුකම් එහි ස්ථාපිත කර තිබෙනවා.

මේ සියලු‍ දේ අපගේ තුළින් අවසන් අරමුණ වන්නේ අපේ රටේ දරුවන් අනාගත අභියෝගයන්ට හොඳින් මුහුණ දිය හැකි බුද්ධිමත් දරුවන් බවට පත් කිරීමයි” යනුවෙන් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment