ඉටිපන්දම පෙරළී සිව්දෙනෙකු පුච්චයි

338

විදුලිය විසන්ධි කළ මොහොතේ දැල්වූ ඉටිපන්දම පෙරළී පනාපිටිය , මානන්දූව පාරේ නිවසක අද (30) අලුයම හටගත් ගින්නකින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කාන්තාවන් දෙදෙනකු නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි.

නිවෙස් හිමිකරු ගේ මව සහ ලේලිය රෝහල් ගතකර ඇති අතර ඔහු සහ බිරිඳ සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය සදහන් කරයි.

නිවසේ විදුලිය විසන්ධි වී ඇති මොහොතේ ඉටිපන්දමක් දල්වා තිබී ඇති අතර නැවත විදුලිය ලැබීමෙන් පසු වයෝවෘද්ධ කාන්තාවක සිය හැරමිටිය ආධාරයෙන් පැමිණ නිවැසියන් නිදාසිටින මොහොතේ ඉටිපන්දම නිවා දැමීමට උත්සාහ දැරීමේදී ඉටිපන්දම අසල තිබූ ඇදට වැටී කාමර දෙකකට ගින්න පැතිර ගොස් ඇතැයි පැවසේ.

ගින්නෙන් නිවසේ අඩක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ල දේපල හානියක්ද සිදුව ඇත.


advertistmentadvertistment