ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව “කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරණ නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බව කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරණ මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් එම ගිණුම සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් ජනාධිපති මාධ්‍ය ඒකකය පරිත්‍යාගශීලින්ට දැනුම්දෙයි.
|