ඉතිරි නඩු තුනෙනුත් මුදලිගේ එළියට – දින 167ක් අතුළේ ඉඳලා

204

උසාවි නියෝගකැඩුවොත් ඇප අවලංගු කරනවා – මහෙස්ත්‍රාත්

අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප හයක ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01දා) නියෝග කළේය.

ඇප ලබා ගැනීමෙන් අනතුරුව ලබන 7 වැනිදා කොටුව පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේට නියෝග කළේය.

ඔහුට එරෙහිව කොටුව පොලිසිය විසින් පවරා තිබූ නඩු තුනක් ඊයේ (01දා) මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී කැඳවිණි.

පසුගිය වසරේ ජූලි 9 වැනිදා කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයක් අවහිරකරමින් අධිකරණ නියෝග නොතකා විරෝධතා ව්‍යාපාර පැවැත්වීම, පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී හා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාර පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවල සැකකරුවකු ලෙස ඔහු නම් කර තිබිණි. ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම අධිකරණය හමුවේ පවරා තිබූ නඩු කටයුත්තෙන්ද නිදහස් කර ඇති බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නුවන් බෝපගේ යන මහත්වරුන් ප්‍රමුඛ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළේය. ඇප බැඳුම්කරවලට අත්සන් තැබීම සඳහා ඔහු බන්ධනගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

මින්මතු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කළහොත් ඇප ලබාදීමකින් තොරව රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවට ද එම ඇප නියෝග නිකුත්කරමින් මහෙස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේට අවවාද කළේය.

ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විශාල නීතිඥවරුන් පිරිසක් අධිකරණයට පැමිණ සිටි අතර පොලිසිය දැඩි රැකවල් යොදා තිබිණි. අධිකරණයට පිවිසෙන මාර්ගය හා අවට අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටිමින්, දින 167 කට පසුව ඇපමත මුදාහරිනු ලැබූ ඔහු උණුසුම් අයුරින් පිළි ගත්හ.
ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment