ඉතිහාසයේ නොවූ විරූ ලෙසින් මාලිමාවට බලය මාරු වීම හමුවේ පාලකයා ඡන්දෙට බය වෙලා – ජාජබ නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් ජනහමුවකදී කියයි

26

පාලකයා ඡන්දෙ පිළිබඳ දෙගිඩියාවකට පත්ව තිබෙන්නේ අන් කවරක්වත් නිසා නොව ඉතිහාසයේ මෙතෙක් බලය මාරු වුණු ආකාරය වෙනස් වෙමින් පොදු ජනතාවගේ ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගයට බලය මාරු වෙමින් තිබෙන නිසා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩන් නුවර ඉකුත් 15 වැනිදා පැවති ජනහමුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

මෑත ලෝක ඉතිහාසයේ 2022 ප්‍රබලතම ජනතා නැගිටීම සිදුවුණා. ස්වේච්ඡාවෙන් ජනතාව පාරට බහින්න පටන් ගත්තා. තරුණ තරුණියන් මාස ගණන් පාලකයාට එරෙහිව සටන් කළා. විදෙස්ගතව සිටි ඔබ ඒ වෙනුවෙන් ආධාර කළා. ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා. ගෝඨාභය ගෙදර ගියා. සටනේ අවසානයේ බාග කොටසක් ඉතිරිවී තිබෙනවා. අපේ ස්ථාවරය වුණේ පාර්ලිමේන්තුවත් විසුරුවා හැරිය යුතුයි කියන එකයි. ජනතාවගේ විරෝධතාවය නිසා ගෝඨාභය ගෙදර යනවා. ලෝක ඉතිහාසයේ කවරදාවත් සිදු නොවුණු ලෙස ගෝඨාභය පළවා හරින්න ආ ජනවරමින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා. අද අපේ රටේ පාලනය යනු විකෘතිමය පාලන බලයක්. එදා ලක්ෂ ගණන් ජනතාව පාලකයාට විරුද්ධව නැගිට්ටා. එය සාර්ථක ජයග්‍රහණයකින් කෙළවර කරගන්න නොහැකි වී තිබෙනවා. නමුත් දැන් අවස්ථාව උදාවෙලා තිබෙනවා. අද ජනතාව ඡන්ද අවස්ථාව උදාවෙන තෙක් සියලු‍ දුක් වේදනාවන් ඉවසාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ කල්ලියේ කවරෙක් හෝ ඡන්ද නොතියා බලයේ ඉන්න සූදානම් වෙනවා නම්, ලෝක ඉතිහාසයේ සිදුවන විශාලම ජනතා නැගිටීම වළක්වන්න රනිල් වික්‍රමසිංහට පුළුවන්කමක් වෙන්නේ නැහැ. පාලකයා ඡන්දෙ පිළිබඳ දෙගිඩියාවකට පත්ව තිබෙන්නේ අන් කවරක්වත් නිසා නොවෙයි, ඉතිහාසයේ මෙතෙක් බලය මාරු වුණු ආකාරය වෙනස් වෙමින් පොදු ජනතාවගේ ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගයට බලය මාරු වෙමින් තිබෙන නිසයි.

මහා ගංවතුරක් ගැලු‍වාම නයි මුගටි සියලු‍ම දෙනා ගංවතුරේ ගහගෙන යනවා. කොට කැබැල්ලක් හමුවුණාම නයයි, මුගටියයි එක කොටයට නගිනවා. රනිල්, මහින්ද එක කොට කෑල්ලෙ නැගලා ඉන්නේ. මේ සැඩ පහර මොකක්ද, ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුණු මහා ජන පෙළගැස්මක් තිබෙනවා. ඒ ගොල්ලන් සියලු‍දෙනාටම එක වේදිකාවකට ගොඩනගින්න බලකර තිබෙනවා. ලංකා ඉතිහාසයේ සියලු‍ ජනාධිපතිවරුන් එකට නගින වේදිකාවක් අපට හමුවෙනවා. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය, රනිල් ඉදිරි ජනාධිපතිවරණයේදී අපට එක වේදිකාවක දකින්න පුළුවන්. මොවුන් 1994 සිට 2024දක්වා අවුරුදු 30ක් බෙදී සිටි කණ්ඩායම්ත එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සිටි කණ්ඩායම්. නමුත් අද එකම වේදිකාවට ගොඩවදින්න සිදුවී තිබෙනවා. ඒගොල්ලන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලු‍ම පන්නයේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මාධ්‍ය නාලිකාව, හැසිරීම් සාමාන්‍ය කාල පරිච්ඡේදයකට වඩා එහා ගිහින් තිබෙනවා. පත්තරේ කියවන විට පත්තරේ තියෙන ඒවාට වඩා වැඩියෙන් කියවන ඒවා වැඩිවෙලා. තව තවත් ජනතාවගේ විශ්වාසය, බැඳීම තහවුරු කර ගැනීම තමයි ජයග්‍රහණය සඳහා අපට තිබෙන එකම මාවත. එක්සත් රාජධානියේ වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් මේ හමුවට පැමිණීමෙන් කියාපාන්නේ, ඒ බැඳීම, විශ්වාසය ජාතික ජන බලවේගයට ලබාදීමට සූදානම් බවයි. අපි ආවේ ඒ සඳහා මැදිහත් වෙමු කියා, ඔබට ආරාධනා කරන්න.

ඉතිහාසයේ නොවූ විරූ ලෙසින් මාලිමාවට බලය මාරු වීම හමුවේ පාලකයා ඡන්දෙට බය වෙලා - ජාජබ නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් ජනහමුවකදී කියයි

අපේ රටට සිදුවී තිබෙන්නේ මොකක්දර? ආර්ථික වශයෙන් බංකොලොත් වූ, විශාල අපරාධවලින් ගහණ වූ, නීතියේ විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටුණු, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය වූල පතුලේම සිටින ජනතාවට නිසි ආහාර සපයා ගන්න බැරි, ඉස්පිරිතාලේ බෙහෙත් පෙත්තක් නැති, තරුණයන්ගේ අනාගතය මුළුමනින්ම විනාශයට භාජනය කරන ලදල අධ්‍යාපනය කඩා වට්ටන ලද, මත්ද්‍රව්‍ය අපරාධවලින් ගහණ වූ රටක් අප ඉදිරියේ නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය අපේ පපුවට දැනෙනවා නම්, අපේ පුරවැසියන්ගේ වේදනාව අපේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් අපි කිසිවෙකුටත් මේ තත්ත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්ති සහගත අයිතියක් නැහැ. අපි හැමදෙනාම කළ හැකි සෑම දෙයක්ම කරමින් මේ පරිවර්තනය අත්පත් කර ගැනීමේ නියමු කාර්යභාරයේ කොටස්කරුවන් බවට පත්විය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා. මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලනය විසින්. මේ අර්බුදයෙන් ගොඩඒමේ පළමු පියවර වන්නේ දේශපාලන පරිවර්තනය කිරීමයි. එක්සත් රාජධානියේ කවුරු හෝ කල්පනා කරනවා නම්ල පාසලකට යම් උදව්වක් කර, අධ්‍යාපන ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියා, එහෙම විසඳෙන්නේ නැහැ. එහෙත් ඔබ ළමයි කිහිපදෙනෙකුට හරි උදව් කරන්න. ඒකත් වටිනවා. ඔබ හිතනවා නම් එකට එකතු වෙලා නිවසක් නැති කෙනෙකුට නිවසක් හදලා උදව් කරන්න. හැබැයි ඒකෙන් ලංකාවේ නිවාස ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔබේ හිතවතෙකුට, ඥාතියෙකුට බෙහෙත් ටිකක් ඔහු සුවකර ගන්න යවන්නග නමුත් ඒකෙන් ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳෙන්නේ නැහැග මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඔබල අපි කැමති වුණත් අකමැති වුණත් අනිවාර්ය කාර්යභාරය තමයි අපේ රටේ මේ දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතුයි. ඉදිරියේ එන ජනාධිපතිවරණය තීරණාත්මක සන්ධිස්ථානය බවට පත්කර ගනිමු. මෙතෙක් ගලාගෙන ගිය දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරමු. ඡන්දෙ බොහෝ දුරට සැප්තැම්බර් 28 නැතිනම් ඔක්තෝබර් 05 පැවැත්වේවි. මේ දේශපාලන වෙනස අපි කරමුග එහිදී අපට පැවරෙන වැඩ කොටස අපි කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment